ගාසා තීරයේ ගැටුම් කඩිනමින් අවසන් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා පවසයි
2024-03-01 11:01:40
Share with:

ගාසා තීරයේ සමූල ඝාතනයක් සිදු වෙමින් පවතින බවත් ගාසා තීරයේ ගැටුම් වහාම අවසන් කළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Turk මහතා ඊයේ(29) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරය අතරතුර දී මේ වනවිට යටත් කරගෙන සිටින පලස්තීන භූමි ප්‍රදේශවල මානව හිමිකම් තත්ත්වය පිළිබඳ විශේෂ රැස්වීමක් පැවැත්විණ. පසුගිය වසරේ ඔක්තෝබර් මස පලස්තීන-ඊශ්‍රායල් ගැටුමේ නව වටය ආරම්භ වූ දා සිට ගාසා තීරයේ 100,000 කට වැඩි පිරිසක් මිය ගොස් හෝ තුවාල ලබා ඇති බව Turk  මහතා එහිදී පැවසීය. එමෙන්ම තවත් සිවිල් වැසියන් දස දහස් ගණනක් අතුරුදහන් වී ඇත. මීට අමතරව, අවම වශයෙන් ළමයින් 17,000 ක් අනාථ වී හෝ ඔවුන්ගේ පවුල්වලින් වෙන් වී සිටින අතර, තවත් බොහෝ ළමයින් දිගුකාලීන ශාරීරික හා මානසික කම්පනයන්ට පත්ව සිටී.

ගාසා තීරයේ රෆා නගරයට එරෙහි ඊශ්‍රායල ගොඩබිම් ප්‍රහාරවලින් විශාල ජීවිත හානි සිදුවනු ඇත. එමෙන්ම එය තවදුරටත් අවතැන්වීම් වර්ධනය කිරීමටත් ඵලදායී මානුෂීය ආධාර පිළිබඳ බලාපොරොත්තු ද බිඳ දමනු ඇති බවටත් හෙතෙම අනතුරු අඟවයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම