චීන ජනපතිගේ මානව හිමිකම් පිළිබඳ රචනා ඇතුළත් ග්‍රන්ථයේ චීන-ප්‍රංශ ද්විභාෂා සංස්කරණය නිකුත් කෙරේ
2024-03-01 17:44:18
Share with:

‘මානව හිමිකම්වලට ගරු කිරීම සහ ආරක්ෂා කිරීම පිළිබඳ ෂී ජින්පිං මහතාගේ රචනාවන් හි උධෘත’ග්‍රන්ථයේ චීන හා ප්‍රංශ ද්විභාෂා සංස්කරණය නිකුත් කෙරේ.

එම ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය හා ‘ගෝලීය මානව හිමිකම් පාලනය පිළිබඳ චීන ප්‍රඥාව’ මැයෙන් යුතු සංසදය ඊයේ (29) ප්‍රංශයේ පැරිස් අගනුවර දී සාර්ථකව පැවැත්විණ. ප්‍රංශයේ චීන තානාපති කාර්යාලයේ වැඩබලන නිලධාරි Chen Dong මහතා සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව පිළිබඳ යුරෝපා අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Jean Christophe Bas මහතා ඇතුළු පිරිසක් එම ක්‍රියාකාරකමට එක්වූහ.

‘මානව හිමිකම්වලට ගරු කිරීම සහ ආරක්ෂා කිරීම පිළිබඳ ෂී ජින්පිං මහතාගේ රචනාවලින් උධෘත’ග්‍රන්ථයෙන්, ජනතා කේන්ද්‍රීය චීන මානව හිමිකම් සංකල්පය මෙන්ම නවයුගයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජනතා කේන්ද්‍රීය රාජ්‍ය පාලන චින්තනය ද මනාව  පිළිබිඹු කෙරෙන බව Chen Dong මහතා එම උත්සවය අමතමින් පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම