බංග්ලාදේශයේ මහල් ගොඩනැඟිල්ලක ඇති වූ ගින්නක් හේතුවෙන් 44ක් ජීවිතක්ෂයට
2024-03-01 09:36:44
Share with:

බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් ගොඩනැගිල්ලක ඊයේ(29) ඇති වූ ගින්නක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 44 දෙනෙක් මිය ගොස් තිබේ.

සිහිසුන්ව සිටි පුද්ගලයින් 42ක් ඇතුළු 75 දෙනෙක් පමණ සාප්පු සංකීර්ණයක් වෙතින් මුදාගෙන රෝහල් වෙත ගෙන ගිය බව ඩකා හි ගිනි නිවීමේ සේවයේ සහ සිවිල් ආරක්ෂක මූලස්ථානයේ පරීක්ෂකවරයෙක් ෂින්හුවා පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

එම නිලධාරියා පැවසුවේ මහල් හතකින් යුත් ගොඩනැගිල්ලේ අවන්හලක්, අලෙවිසැලක් සහ තවත් වෙළඳසැල් කිහිපයක් ඇති බවයි.

මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බව ද ප්‍රකාශ කෙරේ. ගින්නට හේතුව අද(01) උදෑසන වන විටත් හඳුනාගෙන නොමැති බව එරට රූපවාහිනී මාධ්‍ය වාර්තා කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම