තම සමාගම් වෙනස් කොට සැලකීම සහ මර්දනය නතර කරන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලයි
2024-03-01 17:12:12
Share with:

චීන සමාගම් වෙනස් කොට සැලකීම සහ මර්දනය නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (1) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසුවේ,  චීනයෙන් ආනයනය කෙරෙන මෝටර් රථ සම්බන්ධයෙන් “පෙර නොවූ විරූ ක්‍රියාමාර්ග” ගැනීමට ඇමරිකාව සැලසුම් කිරීම සම්බන්ධයෙන් වාර්තාකරුවෙකු නැගූ පැනයකට පිළිතුරු වශයෙනි.

චීන මෝටර් රථ ලොව පුරා පුළුල් ලෙස ජනප්‍රිය වී ඇත්තේ ඊනියා අසාධාරණ භාවිතයන් නිසා නොව, දැඩි වෙළඳපොළ තරඟකාරිත්වය තුළ ගොඩනැගුණු තාක්ෂණික නවෝත්පාදන සහ විශිෂ්ට ගුණාත්මකභාවය නිසා බව Mao Ning මහත්මිය කියාසිටියාය. ආර්ථික හා වෙළඳ ප්‍රශ්න දේශපාලනීකරණය කිරීමේ මෙම ප්‍රවේශය බාධා එල්ල කරන්නේ ඇමරිකාවේ මෝටර් රථ කර්මාන්තයේ දියුණුවට පමණක් බව ද ඇය පෙන්වා දුන්නාය.

චීන සමාගම් වෙනස් කොට සැලකීම සහ මර්දනය නවතා විවෘත, සාධාරණ  ව්‍යාපාරික පරිසරයක් ඵලදායී අයුරින් පවත්වාගෙන යන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද Mao Ning මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම