රටේ නිෂ්පාදන කර්මාන්තයේ හරිත සංවර්ධනය වේගවත් කිරීමට චීනයෙන් නව උපදෙස් මාලාවක්
2024-03-01 10:18:43
Share with:

චීනයේ කර්මාන්ත හා තොරතුරු අමාත්‍යංශය සහ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ සභාව ඇතුළු ‍දෙපාර්තමේන්තු 7 ක් ඒකාබද්ධව පළමුවරට “නිෂ්පාදන කර්මාන්තයේ හරිත සංවර්ධනය වේගවත් කිරීම පිළිබඳ උපදෙස් ” මාලාවක් නිකුත් කර ඇත.

මෑත වසරවල නිෂ්පාදන කර්මාන්තයේ උසස්, බුද්ධිමත් හා හරිත සංවර්ධනය චීනය ප්‍රවර්ධනය කරමින් සිටින අතර, මේ වනවිට එමගින් ඵලදායී ජයග්‍රහණ ද ලබා ගෙන ඇත. චීනයේ නිෂ්පාදන කර්මාන්තයේ, සේවා කර්මාන්තයේ, බලශක්ති කර්මාන්තයේ, අඩු කාබන් කර්මාන්තයේ සහ සැපයුම් දාමයේ හරිත සංවර්ධනය තවදුරටත් ශක්තිමත් කළ යුතු බව අද (1) නිකුත් කෙරුණු එම උපදෙස්  මාලාවෙන් පෙන්වා දෙයි.

එම උපදෙස්වලට අනුව, 2030 වන විට හරිත කර්මාන්තශාලාවල නිමැවුම් වටිනාකම සමස්ත නිෂ්පාදන කර්මාන්තයේ නිමැවුමෙන් 40% කට වඩා වැඩි ප්‍රමාණයක් වනු ඇති අතර, හරිත සංවර්ධනය නව කාර්මීකරණය ප්‍රවර්ධනයට ශක්තිමත් පදනමක් බවට පත්වනු ඇත. 2035 වන විට, කාබන් විමෝචනය උපරිම අගයෙන් පසු ක්‍රමයෙන් අඩු වීමත් සමග කාබන් මධ්‍යස්ථභාවය ද ක්‍රමයෙන් වැඩිදියුණු වීම අරමුණ වී තිබේ. එමෙන්ම ගෝලීය කාර්මික සහ සැපයුම් දාමවල, හරිත හා අඩු කාබන් භාවිතයේ වාසි දිනෙන් දින ඉස්මතු වනු ඇත. හරිත සංවර්ධනය නව කාර්මීකරණයේ සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වනු ඇති බව ද එහි සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම