කලාපීය සහ ලෝක සාමයේ මනා පැවැත්ම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අවශ්‍ය සහාය ලබා දෙන බව ජනපති කියයි
2024-03-01 14:23:20
Share with:

කලාපීය සහ ලෝක සාමයට ප්‍රශ්න ඇතිවන සෑම අවස්ථාවකම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අවශ්‍ය සහාය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම් උල්ලංඝනය වන ඕනෑම අවස්ථාවක දී ඊට එරෙහිව කටයුතු කිරීමට සූදානම් බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ ඊයේ (29) පස්වරුවේ පැවති,  ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන් විසිර යාමේ උත්සවයට එක්වෙමිනි.

රතු මුහුද ආශ්‍රිත වර්තමාන සිදුවීම්වලින් ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම්වලට හානියක් සිදුවන්නේ නම්, ඒ වෙනුවෙන් පෙනී සිටින බවත්, කලාපීය සහ ලෝක සාමයට ප්‍රශ්න ඇතිවන සෑම අවස්ථාවකම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩපිළිවෙළට අවශ්‍ය සහාය ලබාදීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

ත්‍රිවිධ හමුදා නිලධාරීන් රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට කැපවී සිටින බවත්,  ශ්‍රී ලංකා ජනරයේ ස්ථාවරභාවය සහ ආරක්ෂාව තහවුරු වන්නේ එම යුතුකම නිසි ලෙස ඉටුකළහොත් පමණක් බව ද වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම