නව ගමනක් උදෙසා ඓතිහාසික කර්තව්‍යයක් භාරගන්නා ලෙස චීන ජනපති තරුණ නිලධාරීන්ගෙන් ඉල්ලයි
2024-03-01 18:55:08
Share with:

තරුණ නිලධාරීන් චීන ලක්ෂණ සහිත සමාජවාදී පරමාර්ථයේ අනුප්‍රාප්තිකයන් බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි. පක්ෂයේ කේන්ද්‍රීය මෙහෙවර විශ්වසනීයත්වයෙන් ඉටුකරන ලෙසත්, වෙහෙස මහන්සි වී වැඩ කරමින් නව ගමනේ දී ඓතිහාසික කර්තව්‍යයක් ඉටු කරන ලෙසත් හෙතෙම ඔවුන්ගෙන් ඉල්ලා සිටී.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති, ජනාධිපති ෂී ජින් පිං මහතා මේ අදහස් පළ කළේ පක්ෂයේ තරුණ සහ මැදිවියේ නිලධාරීන් සඳහා වූ පුහුණු වැඩසටහනක සමාරම්භක උත්සවයට එක්වෙමිනි. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ජාතික පාලන ඇකඩමියේ දී අද (1) එය පැවැත්විණ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම