ඇමරිකා සොල්දාදුවෙක් ගිනි තබා ගෙන සියදිවි නසා ගැනීමෙන් ප්‍රශ්න කෙරෙන එ‍රට දේශපාලනඥයන්ගේ හෘද සාක්ෂිය
2024-03-01 11:05:22
Share with:

25 හැවිරිදි ඇමරිකා හමුදා සොල්දාදුවෙක් වන Aaron Bushnell පසුගිය 25 වනදා ඇමරිකාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලය ඉදිරිපිට දී ගිනි තබා ගෙන සියදිවි හානි කර ගත්තේය. එම ස්ථානයේ දී කෑ ගසමින් ඔහු දිගින් දිගටම ඉල්ලා සිටියේ පලස්තීනයට නිදහස ලබා දෙන ලෙසයි. එහිදී බරපතල තුවාල ලැබූ Aaron Bushnell මිය ගියේය. මීට පෙර පටිගත කළ විඩීයෝවක ඔහු පවසා ඇත්තේ තමන් තවදුරටත් කිසිදු ලෙස මිනිස් ඝාතනයන්ට සහාය ලබා නොදෙන බවයි.

සිය මිතුරෙකු සමග යුද්ධයේ අභ්‍යන්තර තොරතුරු බොහොමයක් හුවමාරු කර ගනිමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ පලස්තීන ජාතිකයන් ඝාතනයට ඇමරිකා හමුදාව ඍජුව සහභාගි වී ඇති බවයි.

අන්තර්ජාලයේ බොහෝ ඇමරිකානු ජාතිකයන් Aaron Bushnell “ ඇමරිකාවේ හෘද සාක්ෂිය” ලෙස හැඳින්වූ අතර ඊශ්‍රායලය සම්බන්ධයෙන් ගත් ප්‍රතිපත්තිය පිළිබඳ ඇමරිකා රජය ලැජ්ජා විය යුතු බවට ද චෝදනා කර තිබේ.

දීර්ඝ කාලයක් තිස්සේ ඊශ්‍රායල-පලස්තීන ගැටුමේ දී ඇමරිකා රජය දැක්වූ පක්ෂපාතිත්වය ජගත් ප්‍රජාව පැහැදිලිව අව‍බෝධ කර ගෙන ඇත. ඊශ්‍රායලයට මහ පරිමාණ යුධ උපකාර ලබා දීම, ගාසා තීරය සටන් විරාමයට එළඹීමේ කෙටුම්පත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී සම්මත කර ගැනීමට බොහෝ අවස්ථාවල බාධා කිරීම ඇතුළු ඇමරිකාවේ ක්‍රියාවන් ඔස්සේ ගාසා තීරයේ මානුෂීය ගැටුම්කාරී තත්ත්වය අඛණ්ඩව උග්‍ර වී තිබේ.

පසුගිය ඔක‍්තෝබර් මස සිට ඇති වූ නව වටයේ පලස්තීන-ඊශ්‍රායල ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් තිස්දහසක් මිය ගොස් ඇති අතර පුද්ගලයන් මිලියන දෙකක් පමණ අවතැන්ව සිටිති. එම ගැටුම් විසඳීමේ උත්සාහයන් අසාර්ථක වී ඇත්තේ ඇමරිකාවේ බාධාකාරී ක්‍රියාමාර්ග හේතුවෙන් බව මනාව පැහැදිලිය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම