රුසියානු ජනපති වාර්ෂික රාජ්‍ය වාර්තාව ඉදිරිපත් කරයි
2024-02-29 18:12:17
Share with:

රුසියානු ජනාධිපතිවරයා වාර්ෂික රාජ්‍ය වාර්තාව ඉදිරිපත් කරයි.

එරට ජනාධිපති Vladimir Putin මහතා Moscow වේලාවෙන් අද (29) දහවල් රුසියානු ෆෙඩරල් සභාව වෙත එම වාර්තාව ඉදිරිපත් කළේය. 2000 වසරේ සිට හෙතෙම එම වාර්තාව ඉදිරිපත් කළ 19 වැනි අවස්ථාව මෙයයි. ජනතා දිවි පැවැත්ම, පුරවැසියන්ගේ ආදායම් නංවාලීම, ජනගහණ වර්ධනය, සම්බාධකවලට මුහුණදීම සහ විශේෂ හමුදාමය මෙහෙයුම් ඇතුළු කරුණු ඊට ඇතුළත් වේ.

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ තම රටේ ජාතිකාරක්ෂක සංවර්ධන සැලසුම් මේ වන විට සාක්ෂාත් කර ඇති බවයි. එසේම, රුසියාවේ ආර්ථික වර්ධන වේගය ලෝක ආර්ථික වර්ධන වේගයේ දළ මට්ටමට වඩා ඉහළ ය. ඒ අනුව, ඉදිරි වසර කිහිපයක් තුළ, රුසියාව ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් හතරෙන් එකක් බවට පත්වනු ඇතැයි ද  පුටින් මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම