චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ මහජන දේශපාලන උපදේශක සභාව ඉටුකළ කාර්යභාරය පිළිබඳ චීන ජනපතිගේ ලිපියක් හෙට (1) පළ වේ
2024-02-29 17:49:49
Share with:

‘චීන මහජන දේශපාලන උපදේශක සභාවේ රාජ්‍ය කටයුතු වැඩිදියුණු කොට සංවාද හා ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන් සංවර්ධනය කිරීමේ වැදගත්කම’යන මැයෙන් යුතු චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ලිපිය ‘Qiushi’ සඟරාවේ පළ වේ.

එය හෙට (1) ප්‍රකාශයට පත්වන‘Qiushi’සඟරාවේ  5 වැනි කලාපයේ  පළකෙරෙනු ඇත. 2013 වසරේ පෙබරවාරි මාසයේ සිට 2023 වසරේ ජූනි මාසය දක්වා කාලය තුළ ෂී ජින් පිං මහතා කළ වැදගත් ප්‍රකාශයන්හි උපුටා ගැනීම් එම ලිපියේ අන්තර්ගත වෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ මහජන දේශපාලන උපදේශක සභාව සමගිය හා ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරමින් පක්ෂයත්, රටත් වෙනුවෙන් දායක වී විවිධ ඓතිහාසික යුගවල වැදගත් කාර්යභාර ඉටු කර ඇති බව එම ලිපිය අවධාරණය කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ බහු පක්ෂවල සහයෝගිතා සහ දේශපාලන උපදේශන ක්‍රමය නව මාදිලියේ දේශපාලන පක්ෂ ක්‍රමවේදයකි. එය වත්මන් චීනයේ සැබෑ තත්ත්වයට ගැලපෙන අතර, මානවයන්ගේ දේශපාලන ශිෂ්ටාචාරයට එය වැදගත් දායකත්වයක් ලබා දෙන බව ද එහි දැක්වේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම