චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සහයෝගිතාව ශක්තිමත් කිරීම දෙරටටම ප්‍රතිලාභ ගෙන දෙන්නක් බව චීන අගමැතිවරයා පවසයි
2024-02-29 10:31:33
Share with:

චීන අගමැති ලී ච්‍යං මහතා ඇමරිකානු වාණිජ මණ්ඩල සභාපතිනි Suzanne P. Clark මහත්මිය‍ ප්‍රමුඛ නියෝජිත පිරිස හමු වෙයි. එම හමුව ඊයේ (28) බෙයිජිංහිදී පැවැත්විණ. චීන සහ ඇමරිකා ආර්ථිකයන් බෙහෙවින් අනුපූරක වන අතර, ආර්ථික හා වෙළඳ සහයෝගිතාව ශක්තිමත් කිරීම දෙරටටම ප්‍රතිලාභ ගෙන දෙන්නක් බව ලී ච්‍යං මහතා එහිදී පෙන්වා දුන්නේය.

මෙම වසර චීන-ඇමරිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 45වැනි සාංවත්සරික වසරයි. දෙරටේ නායක දෙපළ එළඹි එකඟතා ක්‍රියාවට නැංවීමෙන් ඇමරිකාව සමග යහපත් හා ස්ථාවර ද්විපාර්ශ්වික සබඳතාවක් ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ලී ච්‍යං මහතා පැවසීය. චීනය චීන ලක්ෂණවලින් යුත් නවීකරණය පුළුල් ලෙස ප්‍රවර්ධනය කරන අතර, ඇමරිකානු සමාගම් චීනයේ ආයෝජනය කිරීම සාදරයෙන් පිළිගන්නා බව ද ඔහු කීය. දෙරට අතර සන්නිවේදනය සහ අන්‍යෝන්‍ය අවබෝධය දියුණු කිරීම සඳහා, ඇමරිකානු වාණිජ මණ්ඩලය සහ ව්‍යවසායකයින් අඛණ්ඩව ක්‍රියා කරනු ඇතැයි ඔහු එහිදී අපේක්ෂා පළ කර ඇත.

චීන-ඇමරිකා සබඳතාව අතිශයින් වැදගත් වන අතර, දෙරට අතර සම්බන්ධා අත්හල නොහැකි බව Suzanne P. Clark මහත්මිය‍ පැවසුවාය. දෙරටේ ආර්ථික හා වෙළඳ සබඳතාව සහ සහයෝගිතාව ගැඹුරු කිරීම සඳහා, ඇමරිකානු වාණිජ මණ්ඩලය කැපවන බව ද ඇය පෙන්වා දුන්නාය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම