ස්වීඩනය නේටෝවට එක්වීමෙන් පසු සුදුසු ප්‍රතිචාර දක්වන බව රුසියාව කියයි
2024-02-29 11:01:06
Share with:

ස්වීඩනය නේටෝවට එක්වීමෙන් පසු සැබෑ තත්ත්වය මත පදනම්ව, ඉලක්කගත ප්‍රතිචාර දක්වන බව රුසියාව පවසයි. රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Maria Zakharova මහත්මිය මේ බව සඳහන් කළාය.ස්වීඩනය වසර 200 ක මධ්‍යස්ථභාවය සහ නොබැඳි හමුදා පිළිවෙත අත්හරිමින්, නේටෝවට එක්වීමේ තීරණය හේතුවෙන්, බෝල්ටික් මුහුදු කලාපය සහ උතුරු යුරෝපය "ස්ථාවර සහ සහයෝගීතා කලාපයක සිට ගැටුමේ විභව කලාපයක් බවට පරිවර්තනය වීම" පොළඹවනු ඇතැයි, ඇය අවධාරණය ක‍ළා ය.

2022 වසරේ පෙබරවාරි මාසයේ යුක්රේන අර්බුදය උත්සන්න වීමෙන් පසුව, ස්වීඩනය සහ පින්ලන්තය සිය දිගුකාලීන නොබැඳි හමුදා ප්‍රතිපත්තිය අත්හරිමින්, නේටෝ සංවිධානයට එක්වීමට ඉල්ලුම් ‍කළේය. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී පින්ලන්තයට එම අනුමැතිය හිමිවිය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම