2027 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය බෙයිජිං නගරයේ දී
2024-02-29 10:37:22
Share with:

2027 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය බෙයිජිං නගරයේ දී පවත්වන බව ලෝක මලල ක්‍රීඩා කවුන්සිලය ඊයේ(28) නිවේදනය කළේය. මෙම මලල ක්‍රීඩා ශූරතාවලිය බෙයිජිං නගරයේ දී පැවැත්වෙන්නේ වසර 12 කට පසුව වීම ද විශේෂත්වයකි

ග්ලාස්ගෝ නගරයේ පැවති 234 වැනි ලෝක මලල ක්‍රීඩා කවුන්සිලයේ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. 2027 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට බෙයිජිං නගරය සත්කාරකත්වය දැරීම පිළිබඳ සතුටට පත් වන බව ලෝක මලල ක්‍රීඩා කවුන්සිලයේ සභාපති Sebastian Coe මහතා එහිදී ප්‍රකාශ කළේය. බිලියන 1.4 කට වැඩි ජනගහනයක් සිටින චීනය ලොව විශාලතම ක්‍රීඩා වෙළඳපොලකි. එවැනි ලොව විශාලතම වාණිජ වෙළඳපොලකින් සමන්විත චීනයේ මෙම ක්‍රීඩා උළෙල පැවැත්වීමට හැකි වීම ප්‍රේක්ෂක ආකර්ශනය ප්‍රවර්ධනයට මහඟු අවස්ථාවක් වනු ඇති බව ද හෙතෙම සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම