ඇමරිකාව තම රටට අපහාස කිරීම නතර කළ යුතු බව චීනය කියයි
2024-02-29 17:55:33
Share with:

ඇමරිකාව තම රටට අපහාස කිරීම නතර කළ යුතු බව චීනය ප්‍රකාශ කරයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (29) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළාය.

ඇය මේ බව කියාසිටියේ, ඇමරිකානුවන් අවධානය දක්වන සංවේදී කරුණු පිළිබඳ දත්ත චීනය මිල දී ගන්නා බවට ඊනියා අදහසක් ඇමරිකාව විසින් ප්‍රසිද්ධියට පත්කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ඇමරිකානුවන්ගේ සංවේදී කරුණු පිළිබඳ දත්ත මිල දී ගත් බවට අපහාස කරමින්, අදාළ දත්ත චීනයට ඇතුළු වීම තහනම් කිරීම, වෙනස් කොට සැලකීමේ ක්‍රියාවක් බවත්, චීනය එම ක්‍රියාවට තරයේ වි‍රෝධය පළ කරන බවත් Mao Ning මහත්මිය ප්‍රකාශ කළාය.

චීන රජය සෑම විටම දත්තවල රහස්‍යභාවය සහ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම ඉතා වැදගත් කොට සලකයි. විදේශ රටවල නීති උල්ලංඝනය කොට එම රටවල දත්ත සහ බුද්ධි තොරතුරු චීන රජය වෙනුවෙන් එක්රැස් කරන ලෙස චීනය කිසිවිටෙක අදාළ සමාගම් හෝ පුද්ගලයන්ගෙන් ඉල්ලීමක් ‍කර නැතැයි ද Mao Ning මහත්මිය එහිදී පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම