ඉන්දීය සාගරයේ නාවික නිදහස සුරැකීමට කැපවී සිටින බව ජනපති කියයි
2024-02-29 17:14:50
Share with:

ඉන්දීය සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීම අරමුණු කරගත් උපායමාර්ගික ස්ථාවරත්වයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නාවික නිදහස උදෙසා ශ්‍රී ලංකාවේ කැපවීම නිසාම රතු මුහුදේ මෙහෙයුම් සඳහා දායක වීමට තීරණය කළ බව ද ජනාධිපතිවරයා කියාසිටී.

'පාත් ෆයින්ඩර්' පදනම සංවිධාන කරන ඉන්දීය සාගර ආරක්ෂක සමුළුවේ තෙවැනි අදියරේ ප්‍රධාන දේශනය පවත්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය. සමුළුව ඊයේ (28) කොළඹ දී ආරම්භ කෙරිණ.

ඉන්දීය සාගර කලාපය මේ වන විට නැගී එන ආර්ථිකයක් බවට පත්ව ඇති බැවින් එදිරිවාදිකම්වලින් තොරව එහි නාවික ගමනාගමනයේ නිදහස සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපතිවරයා එහිදී පැවසීය. ගෝලීය ආරක්ෂාව සහ සැපයුම් දාමයේ ඔරොත්තු දීමේ හැකියාව කෙරෙහි කලාපයේ බලපෑම අවධාරණය කරමින්, ඉන්දීය සාගරයේ වැදගත්කම සලකා බැලෙන මෙම දෙදින සමුළුව සඳහා රටවල් රැසක නියෝජිතයෝ එක්ව සිටිති.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම