2023 වර්ෂයේ රාජ්‍ය කාර්ය වාර්තාව සාකච්ඡා කිරීමේ රැස්වීම චීන ජනපති ප්‍රධානත්වයෙන්
2024-02-29 17:55:54
Share with:

චීන රාජ්‍ය මණ්ඩලය විසින් 14 වැනි ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය වෙත ඉදිරිපත් කිරීමට නියමිත 2023 වර්ෂයේ රාජ්‍ය කාර්ය වාර්තාව සාකච්ඡාවට ලක් කෙරේ. ඒ, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය අද (29) පැවැත්වූ රැස්වීමේ දී ය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා එහි මුලසුන දැරීය.

‍ගෙවී ගිය වසරේ, ඉතා සංකීර්ණ ජාත්‍යන්තර තත්ත්වය මෙන්ම දැවැන්ත ප්‍රතිසංස්කරණ හා සංවර්ධන මෙහෙයුම් හමුවේ, ෂී ජින්පිං මහතාගේ නායකත්වයෙන් යුතු චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රටේ ජනතාවට මාර්ගෝපදේශ ලබාදෙමින් ජන ජීවිතය සහතික කර, වසරේ ආර්ථික සංවර්ධනය සඳහා වන ප්‍රධාන ඉලක්ක සපුරාලීමට සමත් වූ බව එම රැස්වීමේ දී ප්‍රකාශ කෙරිණ.

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය මේ වසරට යෙදී ඇත. එසේම, 2024 ‘14 වැනි පස්අවුරුදු සැලැස්මේ’ අතිශය වැදගත් වසරක් ද වේ. ඒ අනුව, නවීන ඵලදායිතා ක්‍රියාවට නැංවීම කඩිනම් කළ යුතු අතර, අධිගුණාත්මක විවෘතභාවය ඉහළ නංවා 2024 වසරේ ආර්ථික වර්ධන ඉලක්ක සපුරාලීමට ප්‍රයත්න දැරිය යුතු බව ද රැස්වීමේ දී අවධාරණය කෙරිණ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම