නව යුගයේ සාමුහික වගකීමෙන් ඉදිරියට ගමන් කරන චීනය
2024-02-29 09:35:56
Share with:

වර්තමානයේ පවතින අවිනිශ්චිත ගෝලීය පරිසරය හමුවේ වුව ද චීනය සිය ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගෙන ඇත. නිෂ්පාදන ආර්ථිකයේ කාර්යක්ෂමතාවය ආරක්ෂා කර ගත් තිරසර වැඩපිළිවෙළක් 2024 වසර වෙනුවෙන් ද චීනය ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යයනාංශයේ කථිකාචාර්ය ආචාර්ය නෙලංග ජයසිංහ මහතා කියාසිටී.

නවීන තාක්ෂණයෙන් සන්නද්ධ ආර්ථික පද්ධතියක් නිර්මාණය කිරීම රටක දිගුකාලීන සංවර්ධනයට ඉතා වැදගත් ය. එම උපායමාර්ගික දැක්ම මනාව හඳුනාගනිමින් චීනය සිය සංවර්ධන මාවත තුළ නොසැලී ගමන් කරයි. විනිවිදභාවයෙන් යුත් පාලන ක්‍රමය සහ ජනතා කේන්ද්‍රීය වැඩපිළිවෙළ එයට සාධනීය බලපෑමක් කර ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

සිය කෘෂිකාර්මික අර්ථ ක්‍රමය කිසිදු අයුරකින් බැහැර නොකර එය නවීන තාක්ෂණයෙන් බල ගැන්වීමට ගත් චීන ප්‍රයත්නය එරට ස්ථාවර ආර්ථික සංවර්ධනයේ ප්‍රධානම සාධකය වනු ඇත. එහෙයින් චීනය සිය භූමියේ වටිනාකම මනාව හඳුනාගෙන එයට පුහුණු ශ්‍රම දායකත්වය මුසු කරමින් නිසි ප්‍රතිලාභ ලබා ගත් බව ද හෙතෙම සඳහන් කරයි. එමෙන්ම නව යුගයේ සියලු මානව ප්‍රජාව සාමුහික වගකීමෙන් කටයුතු කිරීමේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ දැක්ම යථාර්ථයක් බවට පත් කරන ජාත්‍යන්තර සහයෝගීතාවයක් ද මේ සමගම ක්‍රියාත්මක වන බව ආචාර්ය නෙලංග ජයසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම