චීනයෙන් ආකර්ෂණීය ආයෝජන අවස්ථා කඩිනමින් - චීන වාණිජ අමාත්‍යංශය
2024-02-29 11:02:14
Share with:

විදේශ ආයෝජන ප්‍රවර්ධන විධිවිධාන මාලාව තවදුරටත් ඵලදායිව ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට කටයුතු කරන බව චීන වාණිජ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

‘විදේශ ව්‍යාපාර සඳහා රටේ ආයෝජන පරිසරය යහපත් කරමින් විදේශ ආයෝජනය ආකර්ෂණය කිරීම ශක්තිමත් කිරීම පිළිබඳ චීන රාජ්‍ය මණ්ඩල යෝජනාවලිය’ පසුගිය අගෝස්තු මාසයේ නිකුත් කෙරිණ. මේ වන විට එම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමෙන් සක්‍රිය ප්‍රගතිය ලබා ඇති බවත්, විදේශ ආයෝජකයින්ට වඩාත් ප්‍රතිපත්තිමය ප්‍රතිලාභ ලබා දීම සඳහා, එය තවදුරටත් ඉදිරියට ගෙන යාමට පියවර ගන්නා බවත් චීන වාණිජ අමාත්‍යංශයේ ඊයේ(28) පැවති ‍විදේශ ආයෝජන ව්‍යාපාර වටමේස සාකච්ඡාවේ සඳහන් ‍වේ.

වාණිජ අමාත්‍යංශය, ජාතික බදු පරිපාලනය, ජාතික සංක්‍රමණික පරිපාලනය ඇතුළු අංශවල නිලධාරීන් ‘විදේශ ආයෝජන ප්‍රවර්ධන යෝජනාවලිය’ ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය විස්තර කළේය. චීන ඇමරිකා වාණිජ සංගමය, චීන යුරෝපා වාණිජ සංගමය ඇතුළු චීනයේ විදේශ වාණිජ සංගම්වල හා 60කට වැඩි විදේශ ව්‍යාපාරවල නියෝජිතවරු සාකච්ඡාවට එක් වූහ. ව්‍යාපාරික පරිසරය යහපත් කිරීම සඳහා චීන රජය දරන දැවැන්ත ප්‍රයත්න ඔවුන්ගේ පැසසුමට ලක් විය. යෝජනාවලියේ සඳහන් බොහෝ විධිවිධාන ක්‍රියාත්මක කිරීමෙන් සිය ව්‍යාපාරයට වාසී හිමි වූ නිසා චීනයේ ආ‍යෝජනය කිරීමේ විශ්වාසය   තහවුරු කර ගෙන ඇතැයි ද ඔවුහූ පවසති.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම