චීන-යුරෝපා අධිවේගී දුම්රිය යුරේසියානු මහාද්වීපයේ ආර්ථික හා වෙළෙඳ සහයෝගිතා තර කර ඇතැයි චීනය කියයි
2024-02-29 19:26:57
Share with:

චීන-යුරෝපා අධිවේගී දුම්රිය, යුරේසියානු මහාද්වීපය සඳහා නව ගොඩබිම් ප්‍රවාහන මාර්ගයක් මෙන්ම ආර්ථික හා වෙළෙඳ සහයෝගිතාව සඳහා නව පාලමක් විවෘත කර ඇතැයි චීන විදේශ අමාත්‍යාංශය පවසයි. එහි ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (29) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසුවාය.

ආරම්භයේ සිට මේ දක්වා චීන-යුරෝපා අධිවේගී දුම්රියේ ධාවන වාර සංඛ්‍යාව 85,000 ඉක්මවා ඇති අතර, එම මාර්ගය හා බැඳුණු රටවල සංවර්ධනය ඵලදායී ලෙස ඉහළ නංවා ඇති බව නවතම දත්ත මගින් පෙන්නුම් කෙරෙන බව වාර්තාකරුවෙක් එහිදී පැවසීය.

“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් සහ සන්ධිස්ථානගත සන්නාමයක් ලෙස,  චීන-යුරෝපා අධිවේගී දුම්රිය පසුගිය දශකයක් තිස්සේ අඛණ්ඩව නවීකරණය වී ඇති බව Mao Ning මහත්මිය කියා සිටියාය. චීන-යුරෝපා අධිවේගී දුම්රිය පදනම් කරගනිමින් මධ්‍යම ආසියාව සහ යුරෝපය සමඟ චීනයේ සහයෝගිතා වඩාත් සමීප වී ඇති අතර,  ආර්ථිකය සහ වෙළඳාම වඩාත් සමෘද්ධිමත් වී ඇති බව ද ඇය පැවසුවාය. “එක් තීරයක් එක් මාවතක්” තුන්වැනි ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදයේ දී, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීනය චීන-යුරෝපා අධිවේගී දුම්රියේ උසස් තත්ත්වයේ සංවර්ධනය වේගවත් කරන බවත්, දුම්රිය මාර්ග ඔස්සේ රටවල ක්‍රියාකාරී සහයෝගය ලබා ගන්නා බවත් අවධාරණය කළ බව ද Mao Ning මහත්මිය එහිදී සිහිපත් කළාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම