චීන විදේශ අමාත්‍යවරයා සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය සාකච්ඡා යාන්ත්‍රණයේ සම සභාපතිවරුන් අතර හමුවක්
2024-02-29 11:37:17
Share with:

 

චීන විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය සාකච්ඡා යාන්ත්‍රණයේ සම සභාපතිවරුන් හමුවෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය සාකච්ඡා යාන්ත්‍රණයේ සම සභාපතිවරු වන කුවේට් රජයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත Tareq M A M Albanai මහතා සහ ඔස්ට්‍රියාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත Alexander Marschik මහතා හමුවූහ. ඒ ඊයේ(28) චීනයේ බෙයිජිං නුවර දී ය.

වර්තමාන ලෝකය දැඩි පරිවර්තනයන් සමග නොසන්සුන්කාරී තත්ත්වයකට මුහුණ දෙමින් සි‍ටී. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ගෝලීය අභියෝගයන්ට මුහුණ දීමේදී  සැබවින්ම ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීම මෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව සහතික කිරීමේ වගකීම භාර ගනු ඇතැයි ඒ ඒ රටවල් අපේක්ෂා කරන බව වං යී මහතා එහිදී ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දිගුකාලීන සංවර්ධනය හා සමස්ත සාමාජික රටවල පොදු ජයග්‍රහණ මත ආරක්ෂක මණ්ඩලයේ ප්‍රතිසංස්කරණයන් නිවැරදි දිශානතියක් ඔස්සේ සාමකාමීව ඉදිරියට ගෙන යාම ප්‍රවර්ධනය කිරීමට චීනය සහයෝගය ලබා දෙනු ඇත. එමෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල නියෝජනය හා ඔවුන්ගේ හඬ තහවුරු කරමින් සියලු සාමාජික රටවලට අදාළ ප්‍රතිසංස්කරණයෙන් ජයග්‍රහණ ලබා ගැනීමට චීනය සිය දායකත්වය අඛණ්ඩව ලබා දෙන බව ද වං යී මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කිරීම, බහුපාර්ශ්විකවාදය අනුගමනය කිරීම, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හා මූලධර්ම ආරක්ෂා කිරීමට චීනය දිගුකාලීනව කැපවී සිටීම වෙනුවෙන් සම සභාපතිවරු චීනයට ප්‍රසංසා කළහ. චීනය ඇතුළු සියලු සාමාජික රටවල් සමග එක්ව ආරක්ෂක මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ ගැටලු පිළිබඳ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට කැමැත්තෙන් සිටින බවද ඔවුන් සඳහන් කර ඇත.  


ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම