‘කඩොලාන ප්‍රතිසංස්කරණයේ ගෝලීය ප්‍රමුඛයා’ සම්මානය ශ්‍රී ලංකාව
2024-02-29 19:56:49
Share with:

ශ්‍රී ලංකාව ‘කඩොලාන ප්‍රතිසංස්කරණයේ ගෝලීය ප්‍රමුඛයා’ සම්මානයෙන් පිදුම් ලබයි. එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හය වැනි සැසිවාරයේ දී එය ප්‍රදානය කෙරිණ. සමුළුව පසුගිය 26 වැනිදා කෙන්යාවේ නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන් මූලස්ථානයේ දී ආරම්භ විය.

ශ්‍රී ලංකාව කඩොලාන ප්‍රතිසංස්කරණ ප්‍රයත්න පිළිබඳ ගෝලීය ආදර්ශයක් ලෙස ගත හැකි බව එහිදී ප්‍රකාශ කරනු ලැබීය. එසේම, කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය කිරීම හා පුනර්ජීවනය සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම ලොව සක්‍රිය පාරිසරික භාරකාරත්වය පිළිබඳ සාක්ෂියක් වන බව ද එම සමුළුවේ දී අවධාරණය කෙරිණ.

ශ්‍රී ලංකාවට පිරිනැමුණු ‘කඩොලාන ප්‍රතිසංස්කරණයේ ගෝලීය ප්‍රමුඛයා’ සම්මානය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන හා පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් විසින් පිළිගනු ලැබීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම