රටේ 6වන කණ්ඩායමේ නිලධාරීන්ගේ අධ්‍යයන හා පුහුණු පාඨමාලා පොත් වල පෙරවදන චීන ජනාධිපතිවරයා ගෙන්
2024-02-29 11:38:26
Share with:

රටේ 6වන කණ්ඩායමේ නිලධාරීන්ගේ අධ්‍යයන හා පුහුණු පාඨමාලා පොත් වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පෙරවදන ලියයි.

එම පාඨමාලා පොත් නුදු‍රේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. චීන ලක්ෂණයෙන් යුත් නවීකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම පාලක කොමියුනිස්ට් පක්ෂයට උදාර ඓතිහාසික මෙහෙවරක් මෙන්ම බැරෑරුම් අභියෝගයකි. ඒ සඳහා කොමියුනිස්ට් පක්ෂය න්‍යායික වශයෙන් සවිබල ගැන්විය යුතු බව ෂී ජින් පිං මහතා එම පෙරවදනින් පෙන්වා දෙයි. රටේ 6වන කණ්ඩායමේ නිලධාරීන් වෙනුවෙන් සකස් කළ අධ්‍යයන හා පුහුණු පාඨමාලාව නව යුගයේ  නවෝත්පාදන ප්‍රතිඵලවලින් සමන්විත ය.පක්ෂයේ න්‍යායන් අධ්‍යයනය  කළ යුත්තේ එම න්‍යායන් නිසි ලෙස භාවිතයට ගැනීමට බව ෂී ජින් පිං මහතා අවධාරණය කරයි. එබැවින් මෙම පාඨමාලාව මැනවින් අධ්‍යයනය කරමින් චීන ලක්ෂණයෙන් යුත් නවීකරණ ක්‍රියාවලියේදී ප්‍රායෝගික මෙහෙවරක් ඉටු කරන ලෙස චීන ජනාධිපතිවරයා විවිධ මට්ටමේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම