මෙරට කුළුබඩු ජාත්‍යන්තර වෙළඳපොළට රැගෙන යාමට එක්සත් ජාතීන්ගේ සහය
2024-02-29 17:09:38
Share with:

කුරුඳු, ගම්මිරිස්, එනසාල්, සාදික්කා වැනි කුළුබඩු පිළිබඳ ශ්‍රී ලාංකික  සන්නාම ජාත්‍යන්තර වෙළඳපොලේ ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාවට එළඹ ඇත. එය කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ කුළුබඩු සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව පැවසීය. එසේම මෙරට කුළුබඩුවල ගුණාත්මකභාවය රැකගැනීම සඳහා රජය පියවර ගෙන ඇතැයි ද හෙතෙම කියාසිටියේය.

මෙහිදී අදහස් පළ කළ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධාන නියෝජිතයන් පැවසුවේ ශ්‍රී ලංකාවේ කුරුඳු හා ගම්මිරිස් සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බවයි. ජාත්‍යන්තර වෙළඳපොළේ මෙරට කුළුබඩු ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය සියලු සහයෝගය  ලබාදෙන බව ද ඔවුහු කියාසිටියහ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම