ගාසා තීරයේ මානුෂීය සැපයුම් සහතික කරන ලෙසට චීනයෙන් යළිත් ඉල්ලීමක්
2024-02-28 10:53:45
Share with:

ඇල්ජීරියා, ගයනා සහ ස්විට්සර්ලන්තය යන රටවල ඉල්ලීම්වලට අනුව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊ‍යේ(27) ගාසා තීරයේ මානුෂීය ගැටළු, විශේෂයෙන් ම ආහාර ගැටළු පිළිබඳව, රුස්වීමක් පැවැත්වීය.

එක්සත් ජාතීන්ගේ චීන වැඩ බලන නිත්‍ය නියෝජිත Dai Bing මහතා එහිදී පෙන්වා දුන්නේ, ආරක්ෂක මණ්ඩලය මානුෂීය යෝජනා කිහිපයක් සම්මත කර ඇති නමුත්, මිනිසා විසින් නිර්මාණය කරන ලද බාධාක හේතුවෙන් මානුෂීය සැපයුම් ගාසා තීරයට ප්‍රවේශ කරවීම ඉතා දුෂ්කර වී ඇති බවයි. ජිනීවා සම්මුතීන්ට සම්බන්ධ පාර්ශ්වයේ වගකීම් සැලැකිලිමත්ව ක්‍රියාත්මක කරන ලෙස චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටී. මානුෂීය සැපයුම් කඩිනමින් හා ආරක්ෂාකාරීව ගාසා තීරයට ප්‍රවේශ වීම සහතික කිරීම සඳහා, ආරක්ෂක මණ්ඩලයේ තීරණයන්‍ට, ඊශ්‍රායලය පූර්ණ ලෙස සහාය දිය යුතු බවත්, සියලුම ගොඩබිම්, මුහුදු සහ ගුවන් ප්‍රවේශ මාර්ග විවෘත කළ යුතු බවත්, Dai Bing මහතා එහිදී සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම