රටේ ආර්ථිකය ගොඩනැගීමේ දී කාන්තාවන්ට පුළුල් වැඩකොටසක් ඉටු කළ හැකි බව ජනපති කියයි
2024-02-28 16:11:02
Share with:

ඉදිරියේදී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයන් බිහිකිරිමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටී. ඒ සඳහා වන වැඩපිළිවෙළ මේ වන විට රජය සකස් කර තිබේ. එසේම, ඩිජිටල් හා හරිත ආර්ථිකය තුළ ව්‍යවසායිකාවන්ට පුළුල් වැඩ කොටසක් ඉටුකළ හැකි බවත්, කාන්තා ව්‍යාපාරික ප්‍රජාව බලගැන්වීම සඳහා උපරිම සහාය රජය විසින් ලබාදෙන බවත් හෙතෙම පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (27) පස්වරුවේ කොළඹ පැවති ‘ප්‍රතිභාභිෂේකා කාන්තා ව්‍යවසායක සම්මාන 2023’ උළෙලට එක්වෙමිනි.

ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය සංවිධාන කළ මෙම සම්මාන උළෙලේ දී විශිෂ්ට ව්‍යාපාරික කාන්තාවන් ඇගයීමට ලක්කෙරුණු අතර, ඔවුන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කිරීම හා වෙළඳපළ ප්‍රවේශය සැකසීම එහි අරමුණයි.

ජාතික මට්ටමේ විශිෂ්ට ව්‍යවසායිකාවන් දස දෙනකුට සම්මාන ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවිය. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද මේ අවස්ථාවට සහභාගි වූවාය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම