පොහොර මිලට ගැනීමට බිලියන 11 ක් බෙදා අවසන්
2024-02-28 16:00:58
Share with:

මහ කන්නයේ වී ගොවීන්ට පොහොර සහනාධාර ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල්  බිලියන 11 ක්  බෙදා හැර අවසන් බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න මහතා පවසයි.

මේ යටතේ 2023/24 මහ කන්නය වෙනුවෙන් හෙක්ටයාර එකකට රුපියල් 15,000 ක් බැගින් ගොවි ගිණුම්වලට මුදාහැරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගත්තේය. මේ සඳහා රජය වෙන් කළ මුදල රුපියල් බිලියන 11.6 කි.

නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කවල වී වගාව ආරම්භ කෙරෙන්නේ අනෙකුත් ප්‍රදේශවලට වඩා පසුව බැවින්  දැනට මුදල් ගෙවීමට ඉතිරිව ඇත්තේ එම දිස්ත්‍රික්ක දෙකේ පමණක් බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම