දේශපාලන අන්තවාදය ඇමරිකානුවන්ගේ ඉහළම කණස්සල්ලට ලක් වන ගැටළුවක් බව හෙළි වේ
2024-02-28 14:15:12
Share with:

දේශපාලන අන්තවාදය ඇමරිකානුවන්ගේ ඉහළම කණස්සල්ලට ලක් වන ගැටළුවක් බව මත විමසුමකින් හෙළි වේ.

රොයිටර්ස් පුවත් සේවය හා Ipsos උපදේශන සමාගම විසින් ඊයේ(27) නිකුත් කළ අලුත්ම මත විමසුමේ ප්‍රතිඵලයට අනුව, ආර්ථික ප්‍රශ්නය හා සංක්‍රමණික ගැටුම අභිභවා දේශපාලන අන්තවාදය ඇමරිකානු ජනතාවගේ වැඩිම අවධානය යොමුවූ ප්‍රශ්නවලින් එකක් වී තිබේ.

ඇමරිකානු වැඩිහිටි පුද්ගලයෝ 1020 දෙනෙක් මත විමසුමට එක් වූහ. සියයට 21ක් ප්‍රකාශ කර ඇත්තේ ‘දේශපාලන අන්තවාදය හා ඉන් ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන තර්ජනය’ කෙරේ තමා වැඩියෙන් කණස්සල්ලට ලක් වන බවය. ආර්ථික ප්‍රශ්නයට වැඩි සැලකිල්ල දක්වන පිරිස සියයට 19ක් වන අතර සියයට 18ක් සංක්‍රමණික ගැටුමෙන් වැඩි පීඩනයක් දැනෙන බව සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම