ගාසා ගැටුම හේතුවෙන් සිරියාවේ තත්ත්වය උත්සන්න වීම පාලනයට පියවර ගන්නා ලෙස චීනයෙන් ඉල්ලීමක්
2024-02-28 10:39:16
Share with:

ගාසා ගැටුමේ තත්ත්වය උත්සන්න වීම මත සිරියාවට ඇති වන බලපෑම අවම කිරීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන වැඩ බලන නියෝජිත Dai Bing මහතා ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී. හෙතෙම ඊයේ(27) සිරියාව පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡාවට එක් වෙමින් මේ බව සඳහන් කර ඇත.

පසුගිය මාස හතරක කාල සීමාව තුළ ඊශ්‍රායලය අත්පත්කර ගත් ගෝලාන් කඳුකරය හරහා සිරියාවේ විවිධ ස්ථානවලට ගුවන් ප්‍රහාර දියත් කර තිබේ. චීනය මේ පිළිබඳව දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටී. අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් සංයමයෙන් කටයුතු කරන ලෙස සහ ආතතීන් උත්සන්න කිරීම වළක්වා ගන්නා ලෙස ඉල්ලා සිටින බව චීන නියෝජිතයා ඉල්ලා සිටියේය.

හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ තත්ත්වය සමනය කිරීමට සහ ගැටුම ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා කලාපයෙන් පිටත රටවල් ඵලදායී කාර්යභාරයක් ඉටු කළ යුතු බවයි.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම