රුසියානු - යුක්රේන අර්බුදය සමනය වෙනුවෙන් තුන්වැනි පාර්ශ්ව මැදිහත්කරුවකු ලෙස යළි ක්‍රියාකිරීමට චීනය සූදානම්
2024-02-28 16:16:50
Share with:

යුරේසියානු කටයුතු පිළිබඳ චීන රජයේ විශේෂ නියෝජිත Li Hui මහතා, රුසියානු - යුක්රේන අර්බුදයට දේශපාලන විසඳුමක් සෙවීම උදෙසා තුන්වැනි පාර්ශ්ව මැදිහත්කරුවකු ලෙස යළි ක්‍රියාකිරීමට සැරසෙයි. එම රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයේ දෙවැනි වටය වෙනුවෙන් ලබන මාර්තු 2 වැනිදා සිට රුසියාව, පෝලන්තය, යුක්රේනය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවල සහ යුරෝපා සංගම් මූලස්ථානයේ සංචාරය කිරීමට හෙතෙම පියවර ගනු ඇත. රුසියානු - යුක්රේන අර්බුදය සඳහා දේශපාලන විසඳුමක් ප්‍රවර්ධනය කිරීම එහි අරමුණයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (28) මේ බව නිවේදනය කළාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම