ගාසා තීරයට ගුවනින් මානුෂීය ආධාර
2024-02-28 09:38:14
Share with:

ඊජිප්තුව,  ජෝර්දානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගාසා තීරයට ආහාර ඇතුළු මානුෂීය ද්‍රව්‍ය ගුවනින් හෙළූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.ඊජිප්තු ගුවන් හමුදාව මෙම සහන ද්‍රව්‍ය යොමු කළ බව ඊජිප්තුවේ Al-Qahera ප්‍රවෘත්ති නාළිකාව වාර්තා කර තිබේ.මේ අතර ටොන් ලක්ෂ 2ක පමණ මානුෂීය ආධාර ඊජිප්තුව විසින් ගාසා තීරයට යොමු කර ඇතැයි ඊජිප්තු සමාජ සාමග්‍රිය පිළිබඳ අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේය. රටවල් 37කින් ලැබුණු ආධාරවලින් සියයට 60ක පමණ ප්‍රමාණයක් ඊට අයත් වෙයි.

ඒ අතරම ජෝර්දානය විසින් තවත් මානුෂීය ආධාර තොගයක් දෙවන දිනයටත් ‍ගාසා තීරයට ගුවනින් හෙළූ බව වාර්තා වේ. ‍එම ආධාර ගුවන් යානය වෙත පැටවීම ජො‍ර්දානයේ දෙවන අබ්දුල්ලා රජු විසින් සෘජුවම නිරීක්ෂණය කළ බවද එර‍ට රජයේ  ප්‍රවෘත්ති සේවය වන Petra පුවත් ඒජන්සිය විසින් වාර්තා කර තිබේ.



ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම