චීන - සියෙරා ලියොන් ජනපතිවරුන් අතර සාකච්ඡා
2024-02-28 17:29:09
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සියෙරා ලියොන් ජනාධිපති Julius Maada Bio මහතා සමඟ සාකච්ඡාවක් පවත්වයි.

එම සාකච්ඡාව අද (28) පස්වරුවේ බෙයිජිංහි මහජන මහශාලාවේ දී පැවැත්විණ. සියෙරා ලියොන් ජනාධිපතිවරයා චීනයට පැමිණියේ නිල සංචාරයක් සඳහා යි.

අඩසියවසකට පෙර, චීනය සහ සියෙරා ලියොන් ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත වූ දා සිට දෙරට එකිනෙකාගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් ස්ථිර සහයෝගය ලබා දී ඇතැයි ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. දෙරට ආර්ථික හා සමාජ සංවර්ධන ක්ෂේත්‍රයේ කාර්යක්ෂම සහයෝගිතාවයක් මෙන්ම ජාත්‍යන්තර කටයුතුවල දී සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන තිබේ. එසේම දෙරට ජනතාව ගැඹුරු මිත්‍රත්වයක් ගොඩනඟා ගෙන ඇති බව ද හෙතෙම සඳහන් කළේය. Julius Maada Bio මහතාගේ මෙවර සංචාරය තුළින් දෙරට සබඳතාවන් හි පුළුල් සංවර්ධනයට නව ජවයක් ලබාදීමටත්, මිත්‍ර සහයෝගිතා ඔස්සේ ඉහළ ප්‍රතිඵල අත්කර ගැනීමටත් බලාපොරොත්තු වන බව ද චීන ජනාධිපතිවරයා එම සාකච්ඡාවේ දී කියාසිටියේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීන ජනතාව පුළුල් සංවර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වීම සියෙරා ලියොන් ජනාධිපති Julius Maada Bio මහතා එම සාකච්ඡාවේ දී ඉහළ පැසසුමට ලක්කළේය. චීනයේ අත්දැකීම් සංවර්ධනය වෙමින් පවතින රටවල ශීඝ්‍ර සංවර්ධනයට මනා අනුප්‍රාණයක් සපයා ඇත. එකම චීනය යන මූලධර්මය ගරු කරන තම රට, චීනයේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමේ ප්‍රයත්නයන්ට ප්‍රබල ලෙස සහාය වෙමින් විවිධ ක්ෂේත්‍රවල ද්විපාර්ශ්කවික සහයෝගිතා තහවුරු කිරීමට සූදානම් බව ද  Julius Maada Bio ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම