‘තායිවාන බෙදුම්වාදීන්’හා බාහිර මැදිහත්වීම් අධිෂ්ඨානශීලීව මර්දනය කරන බව චීනය පවසයි
2024-02-28 11:33:13
Share with:

2024 චීනයේ තායිවාන කටයුතු කරුණු පිළිබඳ රැස්වීම මෑතකදී බෙයිජිංහිදී පැවැත්විණ. චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාල ප්‍රකාශිකා Zhu Fenglian මහත්මිය අද (28) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී එම රැස්වීමේ තොරතුරු විස්තර කළාය.

මෙම වසර නව චීනය පිහිටුවීමේ 75 වැනි සාංවත්සරික වසරයි. එම රැස්වීමේ විධිවිධානවලට අනුව, නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං මහතාගේ චින්තනය සහ නව යුගයේ තායිවාන ප්‍රශ්නය විසඳීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ සමස්ත උපායමාර්ගය අඛණ්ඩව අනුගමනය කෙරෙනු ඇති බව ඇය පෙන්වා දුන්නාය. තායිවාන කරුණු පිළිබඳ පක්ෂයේ පුළුල් පාලනය තහවුරු කෙරෙන අතර, එකම චීනය මූලධර්මය සහ " 1992 එකඟතාවන්" අනුගමනය කරමින් තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සම්බන්ධතාව සංවර්ධනය හා  චීනය එක්සත්වීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමට පියවර ගනු ඇති බව ද ඇය පැවසුවාය. තායිවාන සමුද්‍ර සන්ධි දෙපසේ හුවමාරු කිරීම් පුළුල් කෙරෙන අතර, ‘තායිවාන බෙදුම්වාදීන්’ හා බාහිර මැදිහත්වීම් අධිෂ්ඨානශීලීව මර්දනය කරනු ඇතැයි ද Zhu Fenglian මහත්මිය අවධාරණය ක‍ළාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම