ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය රථ පෙළක් ඊශ්‍රායල හමුදා රඳවා ගත් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි
2024-02-28 11:14:04
Share with:

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය රථ පෙළකට බාධා පමුණුවමින් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් රඳවා තබා ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය ඊයේ(27) ප්‍රකාශ කළේය.

එරට වේලාවෙන් 25 වැනිදා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය රථ පෙළක් දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් නගරයේ රෝහලකින් රෝගීන් ඉවත් කරමින් සිටියදී මෙය සිදු ව තිබේ. එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයේ වාර්තාවකට අනුව, රථ පෙළේ සියලුම කාර්ය මණ්ඩලය සහ වාහන පිළිබඳව ඊශ්‍රායලය සමඟ පූර්වගාමීව සම්බන්ධීකරණය කර තිබුණද, ඊශ්‍රායල හමුදාව ඊට බාධා කරමින් පරීක්ෂා කර ඇති අතර වෛද්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසට ප්‍රචණ්ඩ ලෙස සලකමින් රඳවා තබා ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයේ ප්‍රකාශක Jens Lehrke මහතා පැවසුවේ මෙය හුදකලා සිදුවීමක් නොවන බවයි. මානුෂීය සැපයුම් ඇතුළුවීම ක්‍රමානුකූලව අවහිර කරන බවත්, මානුෂීය සේවකයින්ට ඊශ්‍රායල හමුදාව විසින් දිගින් දිගටම හිරිහැර කරමින්, බිය ගැන්වීම් හෝ රඳවා තබා ගැනීම් සිදු කරන බවත් ඔහු සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම