ජපානයේ ටෝකියෝ විදුලි බල සමාගම න්‍යෂ්ටික දූෂිත ජලය සිව්වන වරටත් මුහුදට බැහැර කිරීම ආරම්භ කරයි
2024-02-28 14:07:53
Share with:

ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් න්‍යෂ්ටික දූෂිත ජලය සිව්වන වටයේ මුහුදට බැහැර කිරීමේ කටයුතු ජපාන ටෝකියෝ විදුලි බල සමාගම විසින් අද ආරම්භ කර ඇත. මුහුදට බැහැර කිරීමට සැලසුම් කර ඇති න්‍යෂ්ටික දූෂිත ජලය ප්‍රමාණය ටොන් 7800ක් පමණ වේ. 

පසුගිය 2011 වසරේ මාර්තු මස 11 වැනිදා ජපානයේ ඊසානදිග මුහුදු ප්‍රදේශයේ රික්ටර් පරිමාණ අගය 9ක දැඩි භූමිකම්පාවක් සිදු වූ අතර ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් විකිරණශීලී ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එළියට කාන්දු වී ඇත. ජපාන රජය ෆුකුෂිමා න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීමට තීරණය කිරීමෙන් පසු ජගත් ප්‍රජාව ඊට දැඩි ලෙස චෝදනා කරමින් විරෝධය පළ කළහ.අතිශයින්ම වගකීම් විරහිතව ජපානය සිදු කරන ලද මෙම ක්‍රියාවෙන් දැඩි හානි සිදු වන අතර එම තීරණය වහාම නතර කරන ලෙස ජගත් ප්‍රජාව හා මාධ්‍ය ජපානයෙන් ඉල්ලා සිටී. ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි විරෝධය නොතකා ජපානය 2023 වසරේ අගෝස්තු 24 වනදා ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීමේ කටයුතු ආරම්භ කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම