ජපානය අඛණ්ඩ ව න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීමට එරෙහිව චීනයෙන් යළිත් දැඩි විරෝධය
2024-02-28 17:16:51
Share with:

ජපානය අඛණ්ඩ ව න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීමට එරෙහිව චීනය දැඩි විරෝධය පළ කරයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය මේ බව පැවසුවේ, ටෝකියෝ විදුලිබල සමාගම ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ න්‍යෂ්ටික අපජලය මුහුදට බැහැර කිරීමේ සිව්වැනි වටය ඇරඹීම පිළිබඳව මාධ්‍යවේදියෙකු අද (28) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

ජගත් ප්‍රජාවේ විරෝධය නොතකමින් ජපානය අත්තනෝමතික ව න්‍යෂ්ටික අපජලය මෙට්‍රික් ටොන් 23 දහසක් මුහුදට බැහැර කර ඇති බව Mao Ning මහත්මිය සඳහන් කළාය. ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන මෙම ක්‍රියාව, අතිශය වගකීම් විරහිත පියවරකි. එය වහාම නතර කරන ලෙස චීනය ජපානයෙන් ඉල්ලා සිටින බව Mao Ning මහත්මිය පැවසුවාය.

ඍජු බලපෑම් එල්ල වන අසල්වැසි රටවල් ඇතුළු පාර්ශ්ව එක්වන, ස්වාධීන, දිගුකාලීන මෙන්ම ප්‍රායෝගික ජාත්‍යන්තර අධීක්ෂණ ක්‍රමවේදයක් ගොඩනැංවීමට ජපානය සහාය ලබා දෙනු ඇතැයි චීනය අපේක්ෂා කරයි. න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීමෙන් සිදුවන පිරිමැසිය නොහැකි විපාක වැළැක්විය යුතු බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව එහිදී අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම