එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 55වැනි සැසිය ඇරඹේ
2024-02-27 10:20:01
Share with:

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 55වැනි සැසිය ඊයේ(26) ජිනීවාහිදී ආරම්භ විය. දිගුකාලීන සාමය හා ආරක්ෂාව සාක්ෂාත් කිරීම වෙනුවෙන් මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත් වන අතර ගාසා තීරයේ මානුෂවාදී සටන් විරාමය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහා ලේකම් António Guterres මහතා, මානව හිමිකම් කටයුතු පිළිබඳ මහ කොමසාරිස් Volker Türk මහතා  සහ 78 වැනි එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ සභාපති Dennis Francis මහතා වෙන් වෙන් ව එහිදී ප්‍රකාශ කළහ.

මානව හිමිකම, සාමයේ පදනමක් බව António Guterres මහතා කීය. පැවැත්වීමට නියමිත “2024 අනාගත සමුළුව” ප්‍රයෝජනයට ගෙන මූලික මානව හිමිකම් ආරක්ෂා කිරීම මත සියළු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් වැළැක්වීමට හා අවසන් කිරීමට විවිධ රටවල් ක්‍රියා කරනු ඇතැයි හෙතෙම අපේක්ෂා පළ කළේය. මානව හිමිකම් ආරක්ෂා කිරීම මගින් සාමය ප්‍රවර්ධනය කිරීම හා මානවයන්ට සුභ සෙත සලසන ලෙස Volker Türk මහතා එහිදී ඉල්ලා සිටියේය. මානව හිමිකම් කවුන්සලය සංවාද ඔස්සේ ප්‍රශ්න විසඳන වේදිකාවක් ලෙස ගොඩනගන ලෙසද Dennis Francis මහතා එහිදී විවිධ පාර්ශ්වයෙන් ඉල්ලා සිටියේය. ගාසා තීරයේ කඩිනම් මානවහිතවාදී සටන් විරාමයකට එළඹෙමින් අත්‍යවශ්‍ය සහන කටයුතු  වෙනුවෙන් මානවහිතවාදී කොරිඩෝවක් විවෘත කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය. මෙවර මානව හිමිකම් කවුන්සල සැසිය ලබන 5 වනදා අවසන් වනු ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම