ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරයේ ඉහළ පෙළේ රැස්වීමට චීන විදේශ ඇමතිවරයාගෙන් දේශනයක්
2024-02-27 15:55:35
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික හා චීන විදේශ ඇමති වං යී මහතා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරයේ ඉහළ පෙළේ රැස්වීමට වීඩියෝ ආකාරයෙන් එක්වෙමින් දේශනයක් පවත්වයි. ඊයේ (26) බෙයිජිං අගනුවර සිට හෙතෙම එය පැවැත්වීය.

වර්තමානයේ ගෝලීය මානව හිමිකම් පාලනයේ බරපතල හිඟයක් පවතින බව වං යී මහතා එහිදී පැවසීය. ජීවන තත්ත්වය නැංවීමේ දී හා සංවර්ධනයේ දී ජනතා අයිතිවාසිකම් වඩාත් කැපීපෙනෙන හා ප්‍රමුඛ ස්ථානයක තබා කටයුතු කිරීමට නොපසුබට විය යුතු ය. මානව හිමිකම් මුවාවෙන් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමේ සහ වෙනත් රටවල සංවර්ධනයට බාධා එල්ල කිරීමේ ප්‍රයත්නයන්ට විරෝධය දැක්විය යුතු ය. එසේම විවිධ රටවල් ස්වාධීනව තෝරාගත් මානව හිමිකම් සංවර්ධන මාර්ගවලට ගරු කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආයතන, තම කටයුතු සාධාරණව නිසි පරිදි සිදු කළ යුතු අතර, වෙනස් කොට නොසැලකීම සහ දේශපාලනීකරණයෙන් තොරවීම යන මූලධර්ම පිළිපැදිය යුතු ය. බහුපාර්ශ්වික මානව හිමිකම් ආයතන, දේශපාලනය සහ කඳවුරු ගැටුම් සඳහා සටන් බිමක් නිර්මාණය කරනු වෙනුවට සියලු පාර්ශ්ව අතර සාධනීය හුවමාරු සහ සහයෝගිතා සඳහා වේදිකාවක් බවට පත්විය යුතු බව ද වං යී මහතා අවධාරණය කළේ ය.

චීනය ගෝලීය මානව හිමිකම් පාලනයට ක්‍රියාකාරීව සහභාගි වේ. සිය නවීකරණ ජයග්‍රහණයන් හි ප්‍රතිලාභ සමස්ත ජනතාවට වඩාත් සාධාරණ ලෙස ලබාදෙන චීනය, මානව හිමිකම් සුරැකීමේ තත්ත්වය නිරන්තරයෙන් වැඩිදියුණු කරමින් සිටින බව ද  විදේශ ඇමතිවරයා කියාසිටියේය.


ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම