ජාතික සංචාරක ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය
2024-02-27 15:35:00
Share with:

ජාතික සංචාරක ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය හිමිවෙයි.

ජාතික සංචාරක ප්‍රතිපත්ති කෙටුම්පත 2023 වසරේ සැප්තැම්බර්  4 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡාවට ගනු ලැබූ අතර, එහිදී සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමිතීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් තවදුරටත් එකී කෙටුම්පත සමාලෝචනය කළ යුතු බවට තීරණය කර තිබිණ.

ඒ අනුව ජනාධිපති ලේකම්වරයා විසින් පත්කරනු ලැබ ඇති කමිටුවක් විසින් සංචාරක කර්මාන්තයේ ගැටලු හා විභවතා හඳුනාගනිමින් සහ දේශීය හා ගෝලීය අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශයන්ට අනුගතව යෝජිත ජාතික සංචාරක ප්‍රතිපත්තිය කෙටුම්පත් කරනු ලැබ ඇත.

එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් ආර්ථික ස්ථායීකරණ  හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම