චීන වාණිජ අමාත්‍යවරයා සහ ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය අතර හමුවක්
2024-02-27 11:13:57
Share with:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Abu Dhabi හි පැවති ලෝක වෙළඳ සංවිධානයේ 13වන අමාත්‍යවරුන්ගේ සමුළුවට එක්වන අතරතුර චීන වාණිජ අමාත්‍ය Wang Wentao මහතා පසුගිය 25 වනදා එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Ngozi Okonjo-Iweala මහත්මිය සමග සාකච්ඡාවක් පැවැත්විය.

මෙවර සමුළුවේ දී වඩා වැඩි ප්‍රායෝගික ජයග්‍රහණ ලබා ගැනීමට සියලු පාර්ශ්වයන් සමග පොදුවේ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Wang Wentao මහතා එහිදී ප්‍රකාශ කළේය. ආරවුල් විසඳා ගැනීමේ යාන්ත්‍රණය යළි නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට චීනය සහාය ලබා දෙනු ඇත. එමෙන්ම කෘෂිකාර්මික සාකච්ඡා සඳහා වැඩ සැලැස්මක් සකස් කරමින් ඌන සංවර්ධිත රටවල් හා ශුද්ධ ආහාර ආනයනයක් සහිත සංවර්ධනය වෙමින් පවතින රටවල ආහාර සුරක්ෂිතතා ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට චීනය සහාය ලබා දෙන බව ද හෙතෙම පැවසීය. ආයෝජනයට හිතකර සාධක ලෝක වෙළඳ සංවිධානයේ නීති රාමුවට ඇතුළත් කර බහුපාර්ශ්වික වෙළඳාමේ රෙගුලාසි කාලීන තත්ත්වයන් සමග ප්‍රවර්ධනය කිරීමට චීනය සිය සහයෝගය ලබා දෙන බව ද Wang Wentao මහතා එහිදී සඳහන් කළේය. 

ලෝක වෙළඳ සංවිධානයේ වැඩකටයුතුවලට චීනය සෑම විටම සක්‍රිය ලෙස එක්වූ අතර ඵලදායී ප්‍රතිඵල සඳහා විවිධ සාකච්ඡා මෙහෙයුම් තවදුරටත් ප්‍රවර්ධනය කර ඇතැයි Ngozi Okonjo-Iweala මහත්මිය එහිදී පැවසුවාය. ආරවුල් විසඳා ගැනීමේ යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කිරීමේදී චීනය අඛණ්ඩව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂාකරන බව ද ඇය සඳහන් කළාය.

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම