විදේශ ව්‍යවසායන් තම ආයෝජනවල දී චීනය කෙරෙහි ඉහළ අවධානයක් දක්වන්නේ ඇයි?
2024-02-27 20:01:29
Share with:

 

‘චීන සේවාදායකයන්ගේ ඉල්ලුම්වලට සරිලන නිපැයුම් කඩිනමින් පර්යේෂණය කර නිෂ්පාදනය කිරීම සඳහා අපි චීනයේ කාර්මික ක්‍රමවේදයට නිසියාකාරයෙන් අනුගත වෙමින් සිටිමු’යනුවෙන් ජර්මානු වොක්ස්වැගන් සමාගමේ චීන ශාඛාවේ  සභාපතිවරයෙකු මෙන්ම ප්‍රධාන විධායක නිලධාරි Ralf Brandstätter මහතා පසුගිය දා පැවසීය. පසුගිය ජනවාරි මාසයේ වොක්ස්වැගන් සමාගම් සමූහයේ විශාලතම විදෙස් පර්යේෂණ මධ්‍යස්ථානය චීනයේ ක්‍රියාවට නංවා තිබේ. යූරෝ ඩොලර් බිලියනයක ආයෝජන වටිනාකමෙන් යුතු මෙම ව්‍යාපෘතිය එම සමාගම් සමූහයේ නිපැයුම් පර්යේෂණ කාර්යක්ෂමතාව නංවාලීමට පිටුබලයක් වී ඇතුවා පමණක් නොව,  පිරිවැයේ ව්‍යුහය ද වැඩිදියුණු කර තිබේ.

විදෙස් ප්‍රාග්ධනය, චීන ආර්ථිකයේ හා ලෝක ආර්ථිකයේ සමාන්තර සමෘද්ධිමත් භාවයට ගාමක බලයකි. චීනයේ නවතම නිල දත්තවලට අනුව, පසුගිය ජනවාරි මාසයේ, චීනයේ අලුතින් ආයෝජනය කළ  විදේශ ව්‍යවසායන් සංඛ්‍යාව 4588කි. එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 74.4% ක දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කර ඇත. ලෝක ආර්ථිකය මන්දගාමී වර්ධනයක මෙන්ම ගෝලීය වශයෙන් විදේශ ආයෝජන තත්ත්වය පහළ මට්ටමක පවතින මෙවන් අවස්ථාවක විදේශ ව්‍යවසායන්, චීනය සිය ආයෝජන ගමනාන්තය ලෙස තෝරාගැනීම විශේෂත්වයකි.

විදේශ ව්‍යවසායන් චීනයේ සිදුකරන ආයෝජන තවදුරටත් වැඩි කළේ ඇයි? චීනයේ කාර්මික අංශයේ පවතින ලාභදායී බව, පාරිභෝගික වෙළඳපොළේ වපසරිය, ඩිජිටල් ආර්ථිකය සහ අඛණ්ඩ ව සංවර්ධනය කළ හැකි ක්ෂේත්‍රවලින් උදාවන අවස්ථා ඔවුන්ගේ අවධානය යොමු වූ ප්‍රධාන කරුණු අතර වේ.

ගෙවී ගිය වසර 5 තුළ, විදේශ ව්‍යවසායන් චීනයේ සිදු කර ඇති ඍජු ආයෝජනවලින් ලැබෙන ලාභ ප්‍රතිශතය 9% කි. මෙය ගෝලීය වශයෙන් ගත් කල ඉහළ අගයකි.  නිවැරදි ප්‍රතිපත්ති අඛණ්ඩ ව ක්‍රියාවට නැංවීමත් සමග, අනාගතයේ දී චීනයේ විදේශ ආයෝජන ආකර්ෂණය කිරීමේ හැකියාව හා එහි ගෝලීය අනුපාතය තවදුරටත් ඉහළ නැංවෙනු ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම