ගෝලීය නිෂ්පාදන හා සැපයුම් දාමයන් හි ස්ථායීතාව විනාශ කිරීම කිසිදු පාර්ශ්වයකට ප්‍රතිලාභ නොගෙනෙන බව චීනය කියයි
2024-02-27 17:07:23
Share with:

ගෝලීය නිෂ්පාදන හා සැපයුම් දාමයන් හි ස්ථායීතාව විනාශ කිරීම කිසිදු පාර්ශ්වයක අයිතිවාසිකම්වලට අනුකූල නොවන බව චීනය කියා සිටී.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (27) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළාය.

NVIDIA සමාගම පසුගියදා ඇමරිකානු සුරැකුම්පත් හුවමාරු කොමිෂන් සභාවට ඉදිරිපත් කළ ලේඛනයක පළමු වතාවට, Huawei සමාගම AI චිප්ස් වැනි විවිධ කාණ්ඩවල ප්‍රධාන තරඟකරුවෙකු ලෙස ලැයිස්තුගත කර ඇතැයි වාර්තාකරුවෙක් එහිදී පැවසීය.

ඒ පිළිබඳව අදහස් දක්වමින්  Mao Ning මහත්මිය කියාසිටියේ, විවෘතභාවය සහ සහයෝගිතාව අර්ධ සන්නායක කර්මාන්තයේ මූලික ගාමක බලවේගය බවයි. චීනය ලෝකයේ ප්‍රධාන අර්ධ සන්නායක වෙළඳපොළකි. ගෝලීය වෙළෙඳපොළ කෘත්‍රිමව බෙදාගනිමින් ගෝලීය නිෂ්පාදන හා සැපයුම් දාමයන් හි ස්ථායිතාව විනාශ කිරීම සහ කාර්යක්ෂමතාවයට හා නවෝපාදනයට බාධා කිරීම කිසිදු පාර්ශ්වයක අයිතිවාසිකම්වලට අනුකූල නොවන බව ද ඇය අවධාරණය කළාය.

ඇමරිකාව, ගෝලීය වෙළඳ ආර්ථික මෙන්ම සාධාරණ තරඟකාරීත්ව මූලධර්ම අනුගමනය කරමින් විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා වෙනත් රටවල ව්‍යවසායන්ට සහාය විය යුතු බව ද Mao Ning මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම