ඔස්ට්‍රේලියානු සමාගමක් ශ්‍රී ලංකාවේ ඉන්ධන අලෙවියට එක්වෙයි
2024-02-27 15:19:54
Share with:

මෙරට ඉන්ධන අලෙවිය සඳහා United Petroleum Australia සමාගම එක්වෙයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ශ්‍රී ලංකා වෙළෙඳපොළට ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමග පෙබරවාරි 22 වැනිදා ගිවිසුම්ගත වූ බව යි.

ඔස්ට්‍රේලියාවෙන් පිටත ජනතාව සඳහා ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන අලෙවිය පුළුල් කළ පළමු අවස්ථාව මෙය බව ද අදාළ නිවේදනයේ දැක්වේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපොළ තුළ ප්‍රමිතීන්, නිෂ්පාදන සහ සේවාවන් හි ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සැලසුම් කරන බව ද එම සමාගම කියාසිටී.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම