ඇමරිකාව මානව හිමිකම්වලට මුවා වී චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම නතර කළ යුතු බව චීනය අවධාරණය කරයි
2024-02-27 16:33:06
Share with:

මානව හිමිකම්වලට මුවා වී චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම ඇමරිකාව නතර කළ යුතු බව චීනය කියාසිටී. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය මේ බව කියාසිටියේ ජාත්‍යන්තර කාර්මික දාමයට මැදිහත් වීම සඳහා ඇමරිකාව චීන ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ ඊනියා මානව හිමිකම් ප්‍රශ්නය භාවිත කිරීම සම්බන්ධයෙන්, මාධ්‍යවේදීන් අද (27) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

ෂින්ජ්‍යං හි ඊනියා බලහත්කාර ශ්‍රම භාවිතය පිළිබඳව ඇතැම් පාර්ශ්ව පතුරුවන අදහස සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව චීනය අවස්ථා ගණනක දී පෙන්වා දී ඇති බව Mao Ning මහත්මිය පැවසුවාය. ඇමරිකාව එම අසත්‍යයේ මුවාවෙන් ෂින්ජ්‍යං හි බලහත්කාර විරැකියාව ඇති කිරීමේ උත්සාහයක් ලෙස එම ප්‍රදේශයට බලපාන අයුරින් දුෂ්ට නීති ක්‍රියාත්මක කර තිබේ. එම තත්ත්වය ෂින්ජ්‍යං හි ජනතාවගේ මූලික මානව හිමිකම් මෙන්ම ජාත්‍යන්තර වෙළඳ නීති බරපතල ලෙස උල්ලංඝනය කරයි. එසේම එමගින් ජාත්‍යන්තර කාර්මික දාමය දැඩි ලෙස කඩාකප්පල් කිරීම ඔවුන්ගේ අරමුණයි. ඇමරිකාව චීනයට අපහාස කිරීම වහාම නතර කළ යුතු බවත්, මානව හිමිකම් මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම නතර කළ යුතු බවත්, ආර්ථික හා වෙළෙඳ ප්‍රශ්න දේශපාලනීකරණය හා ආයුධකරණය නතර කළ යුතු බවත් Mao Ning මහත්මිය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම