සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනයෙන් ලබාගත හැකි ආදර්ශ බොහෝයි
2024-02-27 15:20:27
Share with:

සංවර්ධනය වෙමින් පවතින රටවලට ආදර්ශයට ගත හැකි සංවර්ධන ආකෘති රැසක් චීන සංවර්ධන ක්‍රියාවලිය තුළින් හඳුනා ගත හැකි බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, සබරගමු විශ්ව විද්‍යාල‍යේ භාෂා දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි. තමන්ට ආවේණික සංවර්ධන ආකෘතියක් අනුගමනය කිරීම සෑම රටකටම වැදගත්ය. බටහිර සංවර්ධන ආකෘතීන් මත ගමන් කිරීමෙන් තුන්වන ලෝකයේ රටවලට විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබේ. එහෙත්  චීන සංවර්ධනය තුළ දක්නට ඇත්තේ ආවේණික වෙනත් රාමුවකි. විවිධ බාහිර බාධා හමුවේ වුවද චීනය ස්වයං ක්‍රමවේද තුළින්  සංවර්ධනය කරා ගමන් කරන බැවින් එම බාධාවන් මගහැර සාර්ථක ආර්ථික ක්‍රියාවලියක් පවත්වා ගෙන යාමට සමත්ව සිටී. චීනය විශාල වශයෙන් අපනයන ආදායම සිය ආර්ථිකයට දායක කර ගනී. විශාල ජනගහනය අභියෝගයක් ලෙස නොගෙන ඔවුන් ගේ දායකත්වය සංවර්ධනයට කාර්යක්ෂම ලෙස ලබා ගැනීමට චීනය දිගු කලක් පුරා සමත්ව සිටී. මෙවැනි ආවේණික සම්පත්‍ මෙන්ම හැකියාවන් සෙසු සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් ද යොදා ගැනීමෙන් දිගු කාලීනව සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි බවද හෙතෙම සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම