14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 8 වැනි සැසිය සාර්ථක ව අවසන් වෙයි
2024-02-27 14:49:02
Share with:

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 8 වැනි සැසිය අවසන් වේ. අද (27) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී එය නිමාවට පත්විය. “චීන මහජන සමූහාණ්ඩුවේ රාජ්‍ය රහස් ආරක්ෂණය පිළිබඳ සංශෝධිත නීති කෙටුම්පත”එම සැසියේ දී ඡන්ද විමසුමක් මගින් සම්මත කර ගනු ලැබීය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ජනාධිපති නියෝග අංක 20 අත්සන් තබා එය ප්‍රකාශයට පත් කළේය.

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ කාරක වාර්තාව එම සැසියේ දී අදාළ මූලධර්ම අනුව අනුමත කෙරිණ. ස්ථාවර කමිටුව වෙනුවෙන් 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවන සැසිවාරයේදී Zhao Leji මහතා කාර්ය වාර්තාව ඉදිරිපත් කළ යුතු බවට වන යෝජනාව එම සැසිය නිර්දේශ කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම