ඇමරිකානු ප්‍රමිතීන් අනුව චීනය ක්‍රියා නොකරනු ඇත
2024-02-27 14:09:46
Share with:

පසුගිය දා ඇමරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය වාර්තාවක් නිකුත් කරමින් ලෝක වෙ‍ළඳ සංවිධානයට පොරොන්දු වූ පරිදි චීනය කටයුතු කළ ආකාරය දැඩි සෘණාත්මක ඇගයීමකට ලක් කර ඇත. චීන ආර්ථික හා වෙළඳ ක්‍රමය ගෝලීය වෙළඳාමට විශාල අභියෝගයක් වී ඇතැයි සඳහන් කළ එම වාර්තාව සකස් කර තිබෙන්නේ ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රමිතීන් අනුව නොවේ. චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදී වෙළඳපොළ ආර්ථික ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කළ යුතු බවත්, ඇමරිකාවේ ක්‍රමයට අනුව චීනය ආර්ථික ක්‍රම ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් එම වාර්තාව පෙන්වා දෙයි. එබැවින් එම වාර්තාව හුදෙක් ඇමරිකාවේ ප්‍රමිතීන් අනුව ම සකස් කර ඇතැයි අමුතුවෙන් කිව යුතු නැත.

2001 වසරේ ලෝක වෙළඳ සංවිධානයට එක්වීමේ සිට වර්තමානය දක්වා චීනය ගෝලීය වෙළඳ නීති රෙගුලාසිවලට අනුකූලව ක්‍රියා කර ඇත. එහි වඩාත් කැපීපෙනෙන උදාහරණයක් වන්නේ, ලෝක වෙළඳ සංවිධානයට පොරොන්දු වූ පරිදි සිය තීරු බදු අනුපාතය 2001 වසරේ පැවති 15.3% සිට 7.3% ක් දක්වා පහත දැමීමට චීනය පියවර ගැනීමයි. ගෙවුණු දශක 2 කට වැඩි කාලයක් තිස්සේ ලෝක වෙළඳ සංවිධානයේ රාමු තුළ චීනය ප්‍රශස්ත අයුරින් ක්‍රියා කර ඇත. චීනය විදේශ රටවල් කෙරේ තවතවත් සිය වෙළඳ‍පොළ විවෘත කිරීම, ජාත්‍යන්තර මට්ටමේ සෘණ ලැයිස්තු කළමනාකරණ ක්‍රමය රටට හඳුන්වා දීම, විදේශ ආයෝජනවලට සීමා කිරීම් තව තවත් ලිහිල් කිරීම වැනි වැදගත් පියවර ඒ අතරින් වඩාත් ඉස්මතු වෙයි.

දහස් වාරයක් පුනරුච්චාරණය කළ ද අසත්‍යයට සත්‍යය විය නොහැකි ය. චීනයට එරෙහිව ඇමරිකාව එම වාර්තාව කුමන අයුරකින් සකස් කළ ද එමගින් ඇමරිකාව පෙන්නුම් කර ඇත්තේ සිය මනාප අමනාපයන් මත පදනම් වූ දේශපාලනික නැඹුරුව ම පමණි.

 

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම