රුසියාවට එරෙහි ඔත්තු සේවා ජාලයක් ගොඩනැගීමට ඇමරිකාව දිගු කාලයක් පුරා යුක්‍රේනයට සහාය වී ඇතැයි හෙළිවෙයි
2024-02-27 11:13:08
Share with:

රුසියාවට එරෙහි ඔත්තු සේවා ජාලයක් ගොඩනැගීමට ඇමරිකාව දිගු කාලයක් පුරා යුක්‍රේනයට සහාය වූ බව ඇමරිකානු මාධ්‍ය පවසයි.

  වසර 2014රේ සිට ඇමරිකානු සී.අයි.ඒ. ආයතනය යුක්‍රේනය සමග සහයෝගතාවෙන් රුසියාවට එරෙහි  සුවිශාල ‍ඔත්තු සේවා ජාලයක් ගොඩනගා තිබෙන බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පසුගියදා(25) වාර්තා කළේය. රුසියානු යුක්‍රේන දේශසීමා මායිම්හි අවම වශයෙන් රහස්ගත ඔත්තු සේවා මධ්‍යස්ථාන 12ක් ඉදි කර ඇතැයි ඇමරිකානු, යුක්‍රේන, යුරෝපයේ වත්මන් හා හිටපු නිලධාරීන් රැසක් සමග සාකච්ඡා පැවැත්වීමෙන් හෙළිකර ගත් බව ද අදාල වාර්තාව පවසයි. රුසියාවේ ඔත්තු කටයුතු හා ඩ්‍රෝන ප්‍රහාර සඳහා එවන් මධ්‍යස්ථානවල සහාය ලබා ගැනේ. විවිධ ස්වරූප ගෙන රුසියාව ඇතුළු රටවල රහස් තොරතුරු සොරකම් කිරීමට ඇමරිකානු පාර්ශ්වය යුක්‍රේනයේ ඔත්තු සේවයකින්ට පුහුණු ලබා දී ඇතැයි ද වාර්තා වේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම