හම්බන්තොට, මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැගීමේ අවශ්‍යතාව ජනපති පෙන්වාදෙයි
2024-02-26 15:19:19
Share with:

හම්බන්තොට ප්‍රදේශයේ යටිතල පහසුකම් සඳහා දැනටමත් සිදුකර ඇති පුළුල් ආයෝජන ජාතික ආර්ථිකයට ප්‍රතිලාභ සැලසෙන අයුරින් සක්‍රියව භාවිතයට ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

හම්බන්තොට වරාය මියන්මාර වරාය සමග සම්බන්ධ කිරීමට දැනට සැලසුම් කර ඇත. එසේම එය නැගෙනහිර චීනයේ චොංචිං වරාය දක්වා සහ අප්‍රිකාව දක්වා තවදුරටත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා කියාසිටී. එමගින් හම්බන්තොට මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ හැකියාව ද හෙතෙම විග්‍රහ කළේය. වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ බස්නාහිර, නැගෙනහිර සහ හම්බන්තොට නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

කොළඹ නගරය ද ඇතුළුව බස්නාහිර හා නැගෙනහිර පළාත්වල මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ සංචාරක කලාප ආශ්‍රිත ක්‍රමෝපායික සංවර්ධන සැලසුම් සහ නාගරික සංවර්ධන සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනය කෙරිණ. ඊට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව ද විමසා බැලිණ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම