කාම්බෝජයේ සෙනෙට් මැතිවරණයෙන් එරට පාලක පක්ෂයට ජය
2024-02-26 10:58:27
Share with:

ඊයේ(25) පැවති කාම්බෝජයේ සෙනෙට් සභා මැතිවරණයෙන් එහි ආසන 58 න් 55 ක් දිනා ගැනීමට පාලක කාම්බෝජ මහජන පක්ෂය (CPP) සමත් වූ බව එරට අග්‍රාමාත්‍ය Hun Manet මහතා ප්‍රකාශ කරයි. 

මෙවර මැතිවරණයට දේශපාලන පක්ෂ හතරක් සහභාගී වූ අතර ඒ  පස්වන ව්‍යවස්ථාදායකය සඳහා වූ සෙනෙට් සභිකයින් තෝරා ගැනීම සඳහා ය. කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති හිටපු අගමැති 71 හැවිරිදි Samdech Techo Hun Sen මහතා මැතිවරණයෙන් පසු සෙනෙට් සභාවේ සභාපති ලෙස පත් වන බව එම පක්ෂයේ ප්‍රකාශක ඊයේ(25) තහවුරු කළේ ය. 

කාම්බෝජයේ සෙනෙට් සභාව ආසන 62 කින් යුක්ත වන අතර එරට රජු වන Norodom Sihamoni රජු සහ ජාතික සභාව විසින් තවත් සභිකයින් දෙදෙනෙකු බැගින් පත් කරන හෙයින් ආසන 58 ක් සඳහා ඡන්ද විමසීම පැවැත්විණ. මෙවර මැතිවරණයේ දී ඡන්ද මධ්‍යස්ථාන 33 කදී සුදුසුකම්ලත් ඡන්දදායකයින් අතරින් සියයට 99.86 ක් ඡන්දය ප්‍රකාශ කර තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම