සියෙරා ලියොන් ජනාධිපතිවරයාගේ චීන සංචාරය ද්විපාර්ශ්වික සබඳතාවන්ට නව ජවයක් රැගෙන එනු ඇතැයි චීනය කියයි
2024-02-26 16:54:47
Share with:

සියෙරා ලියොන් ජනාධිපතිවරයාගේ චීන සංචාරය, චීන - සියෙරා ලියොන් සබඳතාවන්හි පුළුල් වර්ධනයට නව ජවයක් රැගෙන එනු ඇතැයි චීනය කියාසිටී. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය මේ බව පැවසුවේ, සියරා ලියොන් ජනාධිපතිවරයා චීන සංචාරයකට එක්වන බවට පළ වී ඇති පුවත සම්බන්ධයෙන්, මාධ්‍යවේදීන් අද (26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

චීනය සහ සියෙරා ලියොන් රාජ්‍යය අතර සාම්ප්‍රදායික මිත්‍රත්වයක් පවතින බව Mao Ning මහත්මිය පෙන්වාදෙයි. අඩසියවසකට වැඩි කාලයකට පෙර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹීමේ සිට දෙපාර්ශ්වය එකිනෙකාගේ මූලික අවශ්‍යතා සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් එකිනෙකාට ස්ථිරව සහයෝගය ලබා දී තිබේ. ආර්ථික හා සමාජ සංවර්ධන ක්ෂේත්‍රයේ කාර්යක්ෂම සහයෝගිතාවක් මෙන්ම ජාත්‍යන්තර කටයුතුවල දී සමීප සම්බන්ධීකරණයක් දෙරට විසින් පවත්වා ගනු ලැබ ඇත. විශේෂයෙන්ම, Ebola සහ COVID-19 වසංගතයන්ට එරෙහිව ද දෙපාර්ශ්වය මනා සහයෝගිතාවක් ගොඩනඟා ගැනීම කැපීපෙනේ.

චීනයට පැමිණෙන සියෙරා ලියොන් ජනාධිපති Julius Maada Bio මහතා වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පිළිගැනීමේ උත්සවයක් සහ භෝජන සංග්‍රහයක් පවත්වනු ඇති අතර, රාජ්‍ය නායක දෙපළ සාකච්ඡාවකට සහභාගි වනු ඇත. මෙම සංචාරය චීන - සියෙරා ලියොන් සබඳතාවන් හි පුළුල් සංවර්ධනයට නව ජවයක් ලබාදෙන අතර, ඉහළ ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා දෙරට අතර මිත්‍රශීලී සහයෝගිතා එමගින් ප්‍රවර්ධනය කෙරෙනු ඇතැයි විශ්වාස කරන බව ද Mao Ning මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම